රත්ගම දී පැහැරගෙන යනු ලැබූ තරුණයන් දෙදෙනාගේ ඥාතීහු ඇතුළු පිරිසක් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය රත්ගමදී හරස් කරගෙන අද (23) දහවල් විරෝධතාවයක නිරත වුණා.
මේ අතර ගාල්ල – කොළඹ දුම්රිය මාර්ගයද මෙම විරෝධතාකරුවන් විසින් අවහිර කර තිබුණා.
උදෑසන 09ට පමණ විරෝධතාව ඇරැඹි අතර විරෝධතාවයේ නිරතව සිටි පිරිස් විසින් තරුණයන්ගේ අතුරුදන් කිරීමට අදාල සෙසු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියා.
අනතුරුව ගාල්ල නගරය අවට ප්‍රදේශ කිහිපයකට විශේෂ කාර්ය බලකාය යෙදවූ බවයි නිව්ස්හබ් අප වාර්තාකරු සඳහන් කර සිටියේ.
රත්ගම දී පැහැරගත් තරුණයන් දෙදෙනා අක්මීමන ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසක දී ඝාතනය කර පුලුස්සා ඇතැයි අනාවරණය කරගත් බව රහස් පොලිසිය ඊයේ (22) සඳහන් කර සිටියා.
එමෙන්ම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ යැයි සැකකරන පිළිස්සුනු අස්ථි කොටස් සහ දත් කිහිපයක් වලස්මුල්ල, හැවැන්දෙණිය රක්ෂිතයේ තිබී සොයාගෙන තිබෙනවා.
වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ ඊයේ (22) පස්වරුවේදී එම ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබුවා.


ෆර්හාන් නිසාම්දින්
සබැඳි පුවත් – රත්ගම අතුරුදන් ව්‍යාපාරිකයන් දෙදෙනාගේ පිළිස්සුනු සිරුරු කොටස් සොයාගනියි – PHOTOS