මත්ද්‍රව්‍ය වැරදිවලට අධිකරණයෙන් මරණීය දණ්ඩනය හිමිවූ දෙදෙනෙකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ගැන ලබන සතියේ ජනාධිපතිවරයා විසින් අවසන් තීරණය ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.
ඒ අනුව රජයේ උපදෙස් පරිදි බන්ධනාගාර බලධරයන් දැනටමත් එල්ලුම් ගහට අවශ්‍ය මෙවලම් සපයා එය අලුත්වැඩියා කර ඇති බවයි සඳහන් වන්නේ.
වාර්තා වන පරිදි ඉදිරි දෙසතිය තුළ අලුගෝසුවන්ද බඳවා ගනු ඇති.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මේ සතියේද රජයේ ඊට අදාළ වගකිවයුත්තන් කැඳවා එල්ලුම් ගහ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර සිටියා.
ඒ සම්බන්ධව වන නවතම ආරංචි මාර්ග වාර්තා කර සිටින්නේ බොහෝවිට අපරාධකරුවකු විෂයෙහි මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ඒ ගැන නිල ප්‍රකාශය නිකුත් කිරීමටද ඉඩ ඇති බවයි.