ගාල්ල, වෙල්සන්පුර ස්ථිර පදිංචි තම දරුවන් කොටුව සවුත්ලන්ඩ්ස් බාලිකා විදුහලට ඇතුලත්කර ගන්නා ලෙස ඉල්ලමින් දෙමව්පියන් පිරිසක් කොටුව සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලය ඉදිරිපිට අට්ටාලයක් මත පසුගිය ජනවාරි (02) වනදා සිට ආරම්භ කල අඛණ්ඩ විරෝධතාවයට අදට දින 52ක් ගත වුවත් තවමත් තමන්ගේ ළමයින්ට කිසිදු සාධාරණයක් ඉටුනොවු බව එම ළමයින්ගේ දෙමව්පියන් පවසනවා.
තමන් මේ නිසා දැඩි මානසික පීඩනයකට ලක්වි සිටින බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.
ළමයින්ගේ අනාගතය පිළිබඳව ද තමන්ට දැඩි බියක් පවතින බවත් ඔවුහු පැවසුවා.
රටේ මේ සම්බන්ධ පැමිණිලි කල හැකි සියලුම ආයතන වලට ලිඛිතව සහ ගොස් වාචිකව දැනුම්දිම් කලත් තමන්ට ඉන් කිසිදු සහනයක් නොලැබුණු බව ඔවුන් හැඬු කඳුලින් පවසා සිටියා.
තමන් සහ තම දරුවන්ගේ මෙම තත්ත්වය ගැන සලකා මානුෂිකව බලා විසදුමක් ලබාදි සිය දරුවන් සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයට ඇතුලත් කරගන්නා ලෙස අදාල පාර්ශව වලින් ඔවුන් ඉල්ලා සිටියේ.
ගාල්ල නගර මධ්‍යයේ වෙල්සන්පුර පදිංචි මෙම සිසුවියන් 04 දෙනා ගාල්ල සවුත්ලන්ඩ්ස් විදුහලේ පළමු වන ශ්‍රේණියට ඇතුලත් කර නොගැනීමට විරෝධය පල කරමින් සහ ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් එම සිසුවියන්ගේ මවුපියන් දින 52ක් පුරා පවත්වාගෙන යන අඛණ්ඩ සත්‍යග්‍රහයට සහාය පල කරමින් රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයද මෙම විරෝධතාවයට එක්ව සිටිනවා.
ෆර්හාන් නිසාම්දින්