ජාතික විද්වත් සභාව සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව පසුගිය පෙබරවාරි (19) වනදා පැවති හමුවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විසින් සමලිංගික ප්රජාවගේ අයිතිවාසිකම් පිළිගන්නා බව ප්රකාශ කර සිටියා.
ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ මුලපිරුවේ 2018 වසරේ නොවැම්බර් මස 19 වනදා පැවති සමුළුවේ දී වන අතර එහිදී ප්රකාශයට පත්කළ ප්රතිපත්ති ප්රකාශයේ 104 සහ 105 යන පිටු 02හි සමරිසි ප්රජාවන්ගේ අයිතිවාසිකම් සුරකින්නේ කෙසේද යන්න සඳහන් කර තිබෙනවා.

පසුගියදා පැවති හමුවට සමලිංගික ප්රජාව නියෝජනය කරන නායකයින් පිරිසකටද ආරාධනා කර තිබෙනවා.
එම ප්රජාවගේ ප්රතිපත්ති ප්රකාශය සැකසීමටත් ඔවුන්ගේ දායකත්වය ලබාගෙන ඇති අතර ලංකාවේ ප්රථම වතාවට ප්රධාන ප්රවාහයේ දේශපාලන පක්ෂයක් විසින් මෙවැනි විද්වත් සාකච්ජාවකට තමන්ට ආරාධනා කර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.
ජාතික මට්ටමේ දේශපාලන පක්ෂයකට අනුබද්ධ සංවිධානයක් ඔවුන්ගේ මූලික ප්රතිපත්ති ප්රකාශයේ සමලිංගික අයිතිවාසිකම් පිළිබඳ පරිපූර්ණ කොටසක් ඇතුළත් කර ඇති ප්රථම අවස්ථාව ද මෙයයි.