නොවැම්බර් මස 14,15 හා 16 දා දිනයන්හි තුළ සිදුවූ ගැටුම පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, එස්.බී. දිසානායක යන මන්ත්රීවරුන් සඳහන් කළේ මේ වාර්තාව අනුව කටයුතු කිරීමේදී පාර්ලිමේන්තු වරප්රසාද අනුව කටයුතු කරන ලෙසයි.
කෙසේ වෙතත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ රටේ පවතින නීතිය අනුව කටයුතු කරන ලෙසයි.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ සභා ගර්භය තුළ සිදුවූ සිදුවීමට පොලීසියෙන් පරීක්ෂණ පැවැත්වීම සුදුසු නොවන බවයි.තවද පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට දඬුවම් දීමට කථානායක කරු ජයසූරිය මහතාට බලයක් ඇති බවද ඔහු සඳහන් කළේය.
කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ පොලීසිය කරන පරීක්ෂණ සඳහා මැදිහත්වීමක් සිදුනොකරන බවයි. එය වෙනමම පරීක්ෂණයක් බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.