LTTE සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට සඳහන් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහෙෂ්වරන් සම්බන්ධ නඩුවේ නීතිපති උපදෙස් සඳහා ලබන මැයි මස 10 වනදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (22) නියෝග කර තිබෙනවා.
සිද්ධියට අදාළ සැකකරු වූ හිටපු නියෝජ්‍ය ඇමැතිනි විජයකලා මහෙෂ්වරන් ඇප මත සිට අධිකරණයට පෙනී සිටි අවස්ථාවේ දී එම නියෝගය නිකුත් කෙරුණා.
සිංහල රාවය ව්‍යාපාරයේ ජාතික සංවිධායක පුජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවේ.