මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයේ දුම්රිය රියැදුරන් ලෙඩ නිවාඩු දමා වෘත්තීය සමිති ක්රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
සේවා වාර චක්ර සංශෝධනය කිරීමේදී බලධාරීන් විසින් එකඟතාවයන් කඩකිරීම මීට හේතුව බවයි දුම්රිය රියැදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ සඳහන් කළේ.
එම හේතුවෙන් මේ වන විට දුම්රිය ප්රමාදයක් පවතින බව වාර්තා වනවා.
ඊයේ දිනයේත් කාර්යාල දුම්රිය රැසක ප්රමාදයක් පැවතිම හේතුවෙන් මගීන් රැසක් දැඩි අපහසුතාවයට පත්ව තිබුණා.