කොකේන් භාවිත කරන සියලූම මැති ඇමැතිවරුන්ගේ නාම ලේඛනයක් ලක්ෂමන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට අද (22) භාරදෙන බව රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක කියා සිටියා.
කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමැතිවරුන් සිටින බවට අමාත්‍යවරයා කළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනය කරන සභානායක ඇමැති ලක්ෂමන් කිරිඇල්ලගේ සභාපතිත්වයෙන් යුත් සිව් පුද්ගල කමිටුව අද පෙරවරු 10ට ප්‍රථමවරට රැස්වීමට නියමිතයි.
ඒ අනුව මෙම කමිටුව පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී රැස්වන අතර තමා අද එම කමිටුව හමුවට කැඳවා ඇතැයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සඳහන් කර සිටියා.
කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමැතිවරුන්ගේ නාම ලේඛනයක් ද ඒ සම්බන්ධව තමන් දන්නා සියලූ තොරතුරු ද අද තමා කමිටුව හමුවේ හෙළිදරව් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
මෙම කමිටුවට ලක්ෂමන් කිරිඇල්ල, ඉරාන් වික්‍රමරත්න, මහාචාර්ය ආශු මාරසිංහ යන මැති ඇමැතිවරු මෙන්ම අධිනීතිඥ නිශ්ශංක නානායක්කාර ද ඇතුළත් වනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පෙරේදා (20) මෙම කමිටුව පත් කරනු ලැබුවා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන