උතුරු පළාත තුල මහානගර සංවර්ධන අමාත්‍යංශය විසින් සිදුකරනු ලබන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව දැනුවත් කිරීම සදහා ඊයේ(21) සවස Mega Minds සංවාද සභාව යාපනයේ වාලම්පුරි හෝටලයේදී පැවැත්වුණා.
ඒ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්.
එම අවස්ථාවට සහභාගී වූ පසුගිය සමයේ දකුණේ සමාජය තුල ප්‍රචලිත චරිතයක් බවට පත්වූ අරූන් නමැති තරුණයා අමාත්‍යවරයාගෙන් යාපනයට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිඩාංගණයක් සහ කලා කටයුතු සිදුකරගෙන යාම සදහා සුදුසු නිකේතනයක් ඉල්ලා සිටි බව වාර්තා වනවා.
මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්, දෙමළ සංධාන පා.ම සුමන්තිරන් ඇතුලු දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී විය.