හිටපු ඇමරිකානු ජනාධිපති ඔබාමාගේ වැඩිමහල් දියණිය මාලියා ඔබාමා (Malia Obama) කියන්නේ කාලයෙන් කාලයට පුවත් මවන තැනැත්තියක්.
තාත්තා කාලයක් ලෝකේ බලවතා වෙලා හිටියත් මාලියා ඒ ගැන වගක් නැතිව ඉතාම සරල සුන්දර ජිවිතයක් ගත කරන යුවතියක්.
අදටත් නිදහසේ ජිවත් වෙන චරිතයක් කියලයි මාධ්‍ය ඇයව හදුන්වන්නේ.
ඒ සරල හා නිදහස නිසාම ඇය පසුගිය 18 වනදා ඇයගේ හාවඩ් විශ්ව විද්‍යාලයේ හොදම මිතුරියන් කිහිප දෙනෙක් වෙනුවෙන් වෙන් කළ පුවත මාධ්‍යට විශේෂ පුවතක් වුණා.
එය පුවතක් වී තිබෙන්නේ ඇයට එරටේ නිතිය අනුව මත්පැන් පානයට වයස හරස් වීමයි.
තවමත් 20 වැනි වියේ පසුවන මාලියාට 21 ලබන්නේ ජුලි මස 04 වැනිදාටයි.
21 වැනි විය පසුවන තුරු එරටේ මත්පැන් තහනම් වන අතර නීතියට අනුව ඇය වරදකාරිනියක් බවට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ වගේම බිකිණිකයක් හැද වයින් බෝතලයක රස විදමින් විනෝද වූ හැටි පැපරාසින්ගෙන් වසන් කරගන්න ඇයට නොහැකි වී තිබෙනවා.
කෙසේ නමුත් ඇය භාවිතා කළ වයින් බෝතලයේ මිළ කෙන්යා ෂිලින් 80,000ක් වන අතර එය ශ්‍රී ලංකා මුදලින් 143,000ක මුදලක වයින් බෝතලයක් බවත් සදහන්.
ඒ නිදහස සුව සේ විදින්න මිචෙල් ඔබාමාත් නිදහස දී තිබෙන සඳහන් වන්නේ.
එහි ඡායාරූප පහතින්.




