පුඩළුඔය, කිකිලියාමාන ගාන්ඩිස් වන වගා රක්ෂිතයේ ඊයේ (21) උදෑසන හටගත් ගින්නකින් එම රක්ෂිතයේ හෙක්ටයාර් 05ක පමණ භූමි ප්රමාණයක් ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑලිය අඩවි වන නිලධාරින් පවසනවා.
උදැසන 09ට පමණ හටගත් ගින්න රක්ෂිතය පුරා පැතිර යමින් තිබු බවත්, පැතිර යමින් තිබු ගින්න නුවරඑලිය අඩවි වන කාර්යයාලයේ නිලධාරින් සහ වතු කම්කරුවන් එක්ව දැඩි පරිශ්රමයක් දරා පාලනය කල බවයි අඩවි වන කාර්යයාලයේ නිලධාරින් කියා සිටියේ.
කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට අඩවි වන කාර්යයාලයේ නිලධාරින් සැකපළ කරනවා.


රංජිත් රාජපක්ෂ