ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2019 – 2021 කාලපරිච්ඡේදයේ සභාපති තනතුර සඳහා ‘සුමතිපාල පාර්ශ්වය’ නියෝජනය කළ ෂම්මි සිල්වා තේරී පත්ව තිබෙනවා.
සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේ දී ජයන්ත ධර්මදාස මහතා ඡන්ද 56ක් ද ෂම්මි සිල්වා මහතා ඡන්ද 83ක් ද හිමිකරගත්තා.
නව නිලධාරී මණ්ඩලය පත්කරගැනීමේ නිලවරණය අද (21) පෙරවරු 10.00ට ක්‍රීඩා අමාත්‍යාංශ ‘ඩන්කන් වයිට්’ ශ්‍රවණාගාරයේදී පැවැත් වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබාදුන් අවසන් අවස්ථාව මෙය වන අතර, යම් හෙයකින් අද දිනයේදී නිලවරණය පැවැත්වීමට නොහැකි වාතාවරණයක් උද්ගත වූයේ නම්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට හිමි සාමාජිකත්වය තහනම් වීමේ අවදානමක්ද මතුව තිබුණා.
සබැඳි පුවත් – ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අදයි – ඡන්ද ප්‍රතිපල අනාවැකි පළවෙයි