සෞදියේ ඔටුන්න හිමි කුමරු මොහමඩ් බින් සල්මාන් පාකිස්තානයට පැමිණි අවස්ථාවේ එරට සෙනෙට් මන්ත්‍රීවරු විසින් රන් ආලේප කළ මැෂින් තුවක්කුවක් පරිත්‍යාග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එසේම පාකිස්තාන රජය එරට උසස්තම සම්මානය වූ ‘නිශාන් පාකිස්තන් සම්මානය’ ද ඔහුට ලබා දී තිබෙනවා.
සෞදි අරාබියේ සිට පාකිස්තානය වෙත පැමිණෙන අවස්ථාවේ පාකිස්තාන් ප්‍රහාරක යානාවල රැකවරණය ද සල්මන් කුමරුට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
පාකිස්තානයට ඩොලර් මිලියන 20ක ආයෝජන ලබාදීමේ ගිවිසුම අත්සන් කළ සල්මන් කුමරු සෞදි අරාබියේ සිටින පාකිස්තාන් සිරකරුවන් දහස් ගණනක් නිදහස් කරන බවද සඳහන් කර තිබෙනවා.
පාකිස්තාන් ආරංචි මාර්ග දක්වන්නේ හෙක්ලර් ඇන්ඩ් කොච් MC 5 K වර්ගයේ අවියක් සල්මන් කුමරුට පරිත්‍යාග කර ඇති බවයි.