පාතාල නායකයකු වන මාකඳුරේ මධුෂ්ගේ ගෝලයන් 13 දෙනකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් 60 දෙනකු සංචාරකයන් ලෙසින් ඊශ්‍රායලයට යෑමට උත්සාහ කිරීමේදී එරට බලධාරීන් විසින් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සංචාරක වීසා මත එරට බෙන්ගුරියන් ගුවන් තොටුපොළ වෙත පැමිණි මෙම පිරිස අතර ද්‍රවිඩ ජාතිකයන්ද සිටින බව වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා පොලිසිය මධුෂ්ගේ ගෝලයන් පසුපස හඹායෑම නිසා මෙම ගෝලයන් පිරිස සංචාරක වෙස් ගෙන ඊශ්‍රායලය වෙත පැමිණ තිබෙනවා.
ඊශ්‍රායලයට පැමිණි පිරිස සංචාරකයන් නොවන බව ඊශ්‍රායල් බලධාරීන් සොයාගෙන ඇති අතර මෙම ලාංකිකයන් ඊශ්‍රායලයට ගෙන්වීමට ඇප වී ඇත්තේ දේවගැතිවරයකු බවයි වාර්තා වන්නේ.
බෙන්ගුරියන් ගුවන් තොටුපළේදී මොවුන් අසුවීම ගැන ඊශ්‍රායල් බලධාරීන් මෙරට විශේෂ කාර්ය බළකායට දන්වා තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස ආපසු මෙරටට එවීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා.
කීර්ති වර්ණකුලසූරිය