31 හැවිරිදි වියේ පසුවු හන්ගෙරියානු ජාතික තරුණියක් වෑන් රථ රියදුරකු විසින් වෑන් රථයකදී ඊයේ (19දා) අළුයම බරපතල ලෙස අපයෝජනයට ලක්කොට ඇත .
ඇය දෙසැම්බර් මස 25වැනිදින මෙරටට පැමිණ ඇති අතර මිරිස්ස ප්‍රදේශයේ හෝටලයක ලැඟුම්ගෙන සිට ඇති අතර ඉකුත් 18 වැනිදින හික්කඩුව නගරයේ පිහිටි හෝටලයකට පැමිණ ලැගුම්ගෙන තිබේ.
ඇගේ පෙම්වතා ඊයේ (19දා) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබී ඇති අතර ඔහු රැගෙන එම සදහා ඇය කුලි වෑන් රථයක් වෙන්කරවාගෙන තිබි ඇත. කෙසේ වෙතත් එම වෑන් රථය වෙනුවට තරුණිය වෙනත් වෑන් රථයකට ගොඩවී ඇති අතර එහිදී තමන් අපයෝජනයට ලක්කළ බවට තරුණිය සදහන් කර ඇත .
මේ සම්බන්දයෙන් විදේශිය තරුණිය හික්කඩුව පොලිසියට පැමිණිලිකොට ඇත. විදේශිය තරුණිය පොලිසිය විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමුකිරිමට කටයුතු කර තිබුණි. සී.සී.ටී.වි. දර්ශන මගින් සැකකාර වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගැනිම සඳහා හික්කඩුව පොලිසිය පරික්ෂණ පවත්වයි.
ජිනේෂ් නානායක්කාර