Home Local ස්වර්ණාභරණ තොගයක් කටුනායකදී අත්අඩංගුවට

ස්වර්ණාභරණ තොගයක් කටුනායකදී අත්අඩංගුවට

479
0

රුපියල් එක් කෝටි හැට තුන් ලක්ෂ හතලිස් හතර දහස් එකසිය හැත්තෑ නවයක් (1,63,44,179 ) ක් වටිනා ස්වර්ණාභරණ සහ රත්තරන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් නව දෙනෙකු ඊයේ (29) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් කොළඹ, මරදාන, මීගමුව, සීදුව, හලාවත සහ මහනුවර යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස ඊයේ දින රාත්‍රී සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 303 දරන ගුවන් යානයෙන් සහ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ EK – 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඔවුන් විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මලු වල මෙම කිලෝ ග්රැම් 02යි ග්රැම් 974ක් බර අර්ධ වශයෙන් වැඩ නිම කළ ස්වර්ණාභරණ තොගයක් සහ රත්තරන් බිස්කට් තොගයක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here