Home Local යූක්‍රේනයට පලායෑමට තැත් කළ වියට්නාම් ජාතිකයන් පිරිසක් කටුනායකදී කොටුවෙයි

යූක්‍රේනයට පලායෑමට තැත් කළ වියට්නාම් ජාතිකයන් පිරිසක් කටුනායකදී කොටුවෙයි

314
0

ව්‍යාජ දකුණු කොරියානු ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් යූක්‍රේනය වෙත පලායෑමට තැත් කළ වියට්නාම් ජාතිකයන් පස් දෙනෙකු අද (20) දහවල් කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වියට්නාම් ජාතිකයන් පස්දෙනා 30 හැවිරිදි වියේ පසු වන තරුණයන් සිව් දෙනෙකු සහ එක් තරුණියකගෙන් සමන්විතයි.

ඔවුන් මෙම දකුණු කොරියානු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඉකුත් 18 වනදා අලුයම 12.40ට මැලේසියාවේ සිට පැමිණි මලින්දෝ ගුවන් සේවයේ OB – 185 දරන ගුවන් යානයෙන් 60 හැවිරිදි දකුණු කොරියානු ජාතිකයෙකු සමග කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඉන් පසුව මෙම පිරිස අද දින දහවල් 11.05ට යූක්‍රේනය බලා පිටත්ව යන යූක්‍රේන ගුවන් සේවයේ PS – 388 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ගුවන් තොටුපළට පැමිණි මොවුන් අදාළ ගුවන් යානය වෙත ඇතුළු වීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ඇතුළු වීමේ අවසර පත්‍ර ද ලබා ගෙන ඇති අතර මෙම පිරිස අතර සිටි එක් වියට්නාම් ජාතිකයෙකු මෙම ගුවන් යානය තුළට ඇතුළු වී අසුන් ගෙන ද තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ලේ පිටත්වීමේ පර්යන්තය වෙත ඒ වනවිට පැමිණ සිටි ඉතිරි වියට්නාම් ජාතිකයන් සිව් දෙනා සතුව තිබූ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සමග අත් අඩංගුවට ගැනීමෙන් පසුව ගුවන් යානය තුළ අසුන් ගෙන සිටි ඉතිරි ගුවන් මගියා ද යානයෙන් බස්සවා අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here