කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 41ක් වන නවම් මහ පෙරහැරේ සධාතුක කරඬුව මංගල හස්ති රාජයා මත වඩා හිඳුවා චාරිත්‍රානුකූලව පෙරහර ආරම්භ කිරීම ඊයේ (19) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
ජනාධිපතිතුමා ගංගාරාම විහාරස්ථානයේ බුද්ධ මන්දිරය වැඳ පුදා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව සධාතුක කරඬුව මංගල හස්ති රාජයා මත තැන්පත් කරනු ලැබු අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද ඊට සහභාගි වී සිටියා.
එහිදි පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා සඳහන් කළේ පෙරහර යනු මෙරට සංස්කෘතියට අභියෝග එල්ලවන අවස්ථාවක අපේ රටේ සංස්කෘතික අනන්‍යතාවය පෙන්නුම් කරන කැඩපතක් වන බවයි.
මෙම පෙරහර පැවැත්වීමට නායකත්වය ලබා දෙන මේ වනවිට රෝගාතුරව ප්‍රතිකාර ලබන ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සහ නිරෝගී සුවය ද ජනාධිපතිතුමා විසින් ප්‍රාර්ථනා කරනු ලැබුවා.
ගංගාරාම විහාරාධිකාරී පුජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද දායක සභාවේ සභාපති රංජිත් විජේවර්ධන, අමාත්‍යවරුන් වන රුවන් විජේවර්ධන, සාගල රත්නායක, පා.ම මහින්ද අමරවීර, තිලංග සුමතිපාල, පොලිස්පති පූජිත ජයසුන්දර සහ තානාපතිවරු ඇතුළු දෙස් විදෙස් බැතිතුමන් අති විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.


