පොලිස් වෙසින් ගොස් පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසට කඩාවැදී එහි තිබු රුපියල් කෝටි 700ට අධික වටිනා නිල් දියමන්තියක් ඇතුලූ මැණික් කිහිපයක් සොරා ගැනීමේ සිද්ධියට සම්බන්ධ මාකදුරේ මධුෂ්ගේ තවත් ගෝලයකු වත්තල පොලිස් වසමේ හුණුපිටිය, වෙඩිකන්ද පාර ප්‍රදේශයේ දී ඊයේ (19) මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කේ.කසුන් ධනංජය (31) හෙවත් වෙඩිකන්දේ කසුන් නැමැත්තා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගෙන් හෙළි වු තොරතුරු හා දුරකතන විශ්ලේෂණ කිරීමෙන් හෙළි වු තොරතුරු අනුව මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කොල්ලය සඳහා භාවිතා කළ මිලි මීටර් 3.8 වර්ගයේ පිස්තෝලය මෙම සැකකරු විසින් ලබා දී ඇති බවත් එම ගිනි අවිය මීට පෙර මාකදුරේ මධුෂ් විසින් මොහුට ලබා දී ඇති බවත් අනාවරණය වී තිබෙනවා.