Home Local මාරවිල මාරක අනතුරේ බස් රථයේ සහයක අතුරුදන් – රියදුරුගෙනුත් ප්‍රකාශයක්

මාරවිල මාරක අනතුරේ බස් රථයේ සහයක අතුරුදන් – රියදුරුගෙනුත් ප්‍රකාශයක්

350
0

මාරවිල, මහවැවදී පෞද්ගලික බස් රථයක් ට්‍රාන්ස්ෆෝමරයක ගැටී සිදු වූ මාරක අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 19 දෙනෙකු මේ වනවිටත් මාරවිල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.

ඊයේ පාන්දර 4.45 ට සිදු වූ මෙම අනතුර පිළිබඳව බස් රථයේ රියැදුරු සහ අනතුරින් තුවාල ලැබූ බස් රථයේ ගමන් ගත් පිරිස මෙලෙස අදහස් දැක්වූවා.

මාරවිල මහවැව අනතුරින් තුවාල ලබා රෝහල් ගත වී සිටින 19 දෙනාගෙන් පස්දෙනකු කාන්තාවන් වන අතර, 14 දෙනකු පිරිමින් වේ.

අනුරාධපුර මහබුලන්කුලම පදිංචි බස් රථයේ රියැදුරු සුජීව කුමාර තෙන්නකෝන් (33) හෙවත් ශාන් මෙසේ කියාසිටියා.

”බස්එක වවුනියාවෙන් පිටත් වෙන්නේ 12.00 ට. මම නැග්ගේ අනුරාධපුරයෙන්. අපි මඟදී මාරු වෙනවා. මම වෙනදට වැඩ කරන්නේ වෙන බස් එකක. අද මේ බස් එකේ ඩ‍්‍රයිවර් නැතුව ටැම්පරි එකකට ආවා. වාහනයකට ඉස්සර කරද්දී බස්එක ඇදිලා ගියා.”

ඔහු හිස, දෙපා තුවාල වී පපුවේ ආමාරු තත්ත්වයෙන් මාරවිල රෝහලේ පසු වනවා.

ඊයේ (18) දහවල් වනතුරුත් බස් රථයේ සහයකයා සොයා ගැනීමට නොහැකි වූ බවයි පොලිසිය පවසන්නේ.

කොළඹ හමුදා අනු කාණ්ඩවල සේවය කරන 06 දෙනකු පමණ මෙම අනතුරින් තුවාල ලබා සිටිනවා.

රාගම රෝහලට සහ මහරගම පිළිකා රෝහලට ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා යමින් සිටි තිදෙනකු ද තුවාල ලබා මාරවිල රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

රෝහල් ගතව සිටින නාවික හමුදාවේ එම්. ඞී. එම්. පී. අප්පුහාමි (37) මෙසේ කීය.

”මම ඉන්නේ පල්ලම පාර, දෙමටපිටියෙයි. මම සතිඅන්ත නිවාඩුවට ගෙදර ඇවිත් ආපසු කොළඹ යන ගමන් පාන්දර බංගදෙණියෙන් මේ බස් එකට නැග්ගා. අනතුරින් මටත් තුවාල වුණා.”

මංගලඑළියේ දුලිත් රොෂාන්,

”මට වකුගඩු ප‍්‍රතිකාරයකට බට දමා තිබෙනවා. මම රාගම රෝහලට යන්න මංගලඑළියෙන් බස් එකට නැග්ගේ. පිටි පස්සේ හිට ගෙන හිටියේ. හයියෙන් බස් එක ආවා. අනතුර වෙද්දී මම බස් එක ඇතුලේ වැටුණා. කකුල්, පපුව අමාරුයි.”

යුධ හමුදා කෝප‍්‍රල් ජයලාල් මෙසේ කීය.

”මම පුහුණුවකට පුත්තලමට ගිහින් හිටියේ. අද පාන්දර කොළඹ ආමි කෑම්ප් එකට යන්න ආවා. තවත් හමුදාවේ අය බස් එකේ හිටියා.”

බරපතළ තුවාල ලබා ස්කෑන් පරීක්ෂණයකට ගෙන යමින් සිටි බංගදෙණියේ ස්වර්ණා මල්කාන්ති හෙවත් මංගලිකා (55) අසල සිටි ඇයගේ දියණියක් කියා සිටියේ,
”අම්මා මහරගම පිළිකා රෝහලට බේත් ගන්න යන ගමන් තමයි මේ අනතුර සිද්ධ වුණේ.”

අනතුරත් සමඟ ප‍්‍රදේශයේ අධි බලැති තරාපැවිය බිඳ වැටීමෙන් විදුලිය විසන්ධි වී තිබූ අතර, දහවල් වනවිටත් යථා තත්ත්වයට පත් කිරීමට අපහසු වී තිබෙනවා.

බස් රථය ආපදා රථ 03ක් පමණ යොදවා ඉවතට ගැනීමට පොලිසිය කටයුතු කරනු ලැබුවා.

හලාවත පොලිස් අධිකාරී සුරංජිත් කුමාරපේලි, නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී සුජීව විජේසේන, මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්. පී. එදිරිසිංහ, රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප‍්‍රදීප් ගයාන්, සැරයන් 54678 රෝහිත යන නිලධාරීන් මෙහි මූලික පරීක්ෂණ සිදු කරනු ලැබුවා.

නාත්තන්ඩිය – රෙක්ස් හැරිසන්මාදම්පේ – කමල් පි‍්‍රයංකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here