තම මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරදෙන ලෙස බල කරමින් ජනතා පෙත්සමකට අත්සන් කිරිමේ වැටසටහනක් ඊයේ (17) නාවලපිටිය ගලමුදුන වතු යායේදි සිදුකරනු ලැබුවා.
රු 1000 වැඩි කිරිමේ ව්‍යපාරය විසින් දිවයින පුරා වතු කම්කරුවන්ගෙන් අත්සන් ලබා ගැනිමේ වැඩසටහනට සමගාමිවයි ඊයේ නාවලපිටිය ප්‍රදේශයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණේ.
එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටට එක්රැස් වු වතු කම්කරුවන් විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත් විමෙන් අනතුරුව පෙත්සමට අත්සන් කිරිම සිදුකරනු ලැබුවා.
වතු කම්කරුවන් ප්‍රජාවගෙන් අත්සන් ලබාගන්නා පෙත්සම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පාර්ශව කිහිපයකට මෙම පෙත්සම ලබාදිමටයි රු 1000 ව්‍යාපාරය සැලසුම් කර ඇත්තේ.


රංජිත් රාජපක්ෂ