කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ නවම් මහ පෙරහර හේතුවෙන් අද (18) සහ හෙට ( 19) සවස 07 සිට මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලීසිය පවසනවා.
ඒ අනුව ජේම්ස් පීරිස් මාවත, කොම්පඤ්ඥවීදිය සහ පිත්තල හන්දිය දක්වා මෙලෙස වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.
නවම් මහා පෙරහර අද (18) හා හෙට (19) දෙදින වීථි සංචාරය කෙරෙනවා.
කොළඹ හුණුපිටියේ ගංගාරාමාධිපති කොළඹ නව කෝරළේ ප්රධාන සංඝනායක ගල්බොඩ ශ්රී ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම නවම් මහා පෙරහර 41 වැනි වරට මෙවර සංවිධානය කර ඇත්තේ.