දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානය වෙත තාවකාලිකව මාරුකර යවා තිබෙනවා.
රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාතේ පොලිස් කණ්ඩායමකට එරෙහිව විමර්ශනයක් පවත්වා ගෙන යාම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේ මාරු කර යැවූ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් විමර්ශනයක් පවත්වා ගෙන යනු ලබනවා.
මේ අතර පැහැර ගැනීමට යොදා ගත් බව කියන සුඛෝපභෝගී වෑන් රථය ද ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රවි විජේගුණවර්ධන මහතා මාරු කර යැවීමෙන් පුරප්පාඩු වූ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට ඊයේ (17) වන විටත් කිසිවකුත් පත්කර නැහැ.