ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන රියදුරෙකු සහ තවත් අයෙකු මත්කුඩු ග්රෑම් එකයි මිලිග්රෑම් විස්සක් සමග අරලංගවිල වැව අසළ දී (17දා) දින පස්වරුවේදී අත්අඩංගුවට පත්වුණු බව අරලගංවිල පොලීසිය පවසයි
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අරලගංවිල බෝගස්වැව ප්රදේශයේ සහ අරලගංවිල නගරයේ පදිංචි කරුවන් දෙදෙනෙකු වන අතර එක් පුද්ගලයෙකු කොළඹ ජනාධිපති ලේකම් කාරයාලයේ රියදුරෙකු ලෙස සේවය කරන අතර අනිත් තැනැත්තා කොළඹ ප්රදේශයේම ති්රවිල් රථ රියදුරෙකු ලෙස සේවය කරන්නෙකි.
අත්අඩංගුවට පත් සැකකරුවන් සහ මත්කුඩු (18දා) මනමිපිටිය සංචාරක අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව අරලගංවිල පොලිසිය කියයි.
හිගුරක්ගොඩ ඩබ්.ඒ. පියතිලක