මෙම වසරේ පැවැත්වෙන ලෝක කුසලානයෙන් පසු එක්දින ක්‍රිකට් තරගවලින් සමුගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් තීරණය කර ඇතැයි මාධ්‍ය වෙත අනාවරණය කර තිබෙනවා.
90 දශකයේ ක්‍රිකට් දිවිය ආරම්භ කර තවමත් ක්‍රීඩාවේ නිරත වන කිහිපදෙනා අතුරින් අයෙකු ලෙසටයි ඔහු සැළකෙන්නේ.
කොදෙව් ක්‍රීඩකයන් අතුරින් ක්‍රිස් ගේල් දෙවැනි වනුයේ සුපිරි ක්‍රීඩක බ්‍රයන් ලාරාට පමණක් වීමද විශේෂත්වයක්.
මේ වනවිට එක්දින තරග 284කට ක්‍රීඩා කර ඇති ක්‍රිස් ගේල් රැස්කර ඇති එක්දින ලකුණු සංඛ්‍යාව 9727 ක්.
එක්දින ශතක 23 ක්ද ඔහුගේ නමට ඉදිරියෙන් සටහන් වී ඇති අතර ක්‍රිස් ගේල් ගේ හොඳම එක්දින ඉණිම ලෙස සැළකෙන්නේ 2015 ක්‍රිකට් ලෝක කුසලානයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව රැස්කළ ලකුණු 215 යි.
ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩකයෙකු රැස්කල පළමු ද්විත්ව ශතකය වන්නේද එයයි.