ශ්‍රී ලංකාවේ එල්ලූම් ගස ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අලූගෝසු තනතුර සඳහා ඉල්ලූම්පත්ර කැඳවා ඇති අතර, එම රාජකාරිය සඳහා අමෙරිකන් ජාතිකයකු ඉල්ලූම් පත්‍රයක් එවා ඇතැයි බන්ධනගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර සිටිනවා.
ලංකාවේ කිසිවෙකු තමා හඳුනන්නේ නැති බව ද මෙම වෘත්තිය සඳහා දැඩි කැමැත්තක් දක්වන බව ද ඒ අනුව මෙම රැකියාව ලැබේවි යැයි තමා සිතන බව ද දන්වමින් එම විදේශිකයා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත විද්‍යුත් තැපෑලෙන් මෙම අයදුම් පත්‍රය යොමුකර තිබෙනවා.
මෙම තනතුර සඳහා ශ්‍රී ලංකාවේ පුද්ගලයකු යොදා ගන්නවාට වඩා තමා යොදා ගැනීම වැදගත් බව ද හෙතෙම සිය අයදුම්පත්රයෙන් කරුණු පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.
නෝමන් පලිහවඩන