ආයුර්වේද වටරවුම දෙස සිට කොළඹ දෙසට ගමන් කරනු ලබන වාහන මාර්ග තදබදය අවම කර ගැනිම සඳහා සෑම සතියේ දිනකම හෝර්ටන් පෙදෙස කිංසි පාර හන්දියේ සිට කේරි විද්‍යාලය හන්දිය දක්වා උදෑසන 7.30 සිට 8.00 දක්වා තුළ එක් දිශාවකට පමණක් වාහන ගමන් කිරිමට කටයුතු කර තිබෙනවා.
නමුත් වාහන කොළඹට වැඩියෙන් ඇතුල් කරවිමේ අරමුණින් අද සිට (18) එම කාලය උදෑසන 7.00 සිට 8.00 දක්වා වැඩි කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඒ අනුව කිංසි රීපන් හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා ගමන් කරන වාහන මරදාන ,බොරැල්ල පාර දෙසට හෝ කිංසි පෙදෙස හරහා වෝඩ් පෙදෙස දෙසට ගමන් කරවිමට කටයුතු කළ හැකි බව සඳහන්.