අද (18) සිට පොල්තෙල් විකිණීමේ සහ නිෂ්පාදනය කරනු ලබන ස්ථාන විශේෂ පරික්ෂාවකට ලක්කකරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සදහන් කළේ ප්‍රමිතියෙන් තොර පොල් තෙල් වෙළෙඳපලේ පවතින බවට ලැබී ඇති තොරතුරු මත එම පරික්ෂා කිරීම් සිදුකරන බවයි.
එහිදී පොල්තෙල් සාම්පල ලබාගෙන රස පරීක්ෂක වාර්තා අනුව ඉදිරි කටයුතු සිදුකිරීමට කටයුතු කරන බව ද මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කළේ.
ප්‍රමිතියෙන් තොර පොල්තෙල් අලෙවිකරන හෝ බෙදාහරින ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙස ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඒ අනුව එම පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය වැඩිදුරටත් කියා සිටියා.