වෙළෙඳපොළ තුළ සිමෙන්ති මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.
සිමෙන්ති අලෙවිකරුවන් සඳහන් කළේ පසුගිය සිකුරාදා දිනයේ සිට මෙලෙස සිමෙන්ති මිල ඉහළ දමා ඇති බවයි.
ඒ අනුව කිලෝග්රෑම් 50ක බරින් යුත් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100ත් 105ත් අතර මිලකින් ඉහළ දමා තිබෙන බවයි අලෙවිකරුවන් සඳහන් කළේ.
ලෝක වෙළෙඳපලේ සිමෙන්ති මිළ ගණන් ඉහළ යාම සහ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් මිල ඉහළ නංවන ලෙස සිමෙන්ති නිෂ්පාදන සමාගම් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව සිකුරාදා දිනයේ සිට සිමෙන්ති නිෂ්පාදන සමාගම් 02ක් සඳහා මිල ඉහළ දැමීමට අවසර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
සිමෙන්ති මිල ඉහළ දැමීම පිළිබඳ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විමසීමක් කිරීමේදී එහි ප්රකාශකයෙකු සඳහන් කළේ අදාළ මිල වැඩිවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්රකාශ කළ නොහැකි බවයි.