දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි අද (17) දිනයේදී, ඇති වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.
නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද සිහින් වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැකි අතර සබරගමුව, මධ්‍යම, ඌවසහ දකුණු පළාත් වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.