පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නිදහස් තැපැල් පහසුකම් දීමනාව ඉහළ නංවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම්ගේ අත්සනින් යුතුවයි.
මෙමඟින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වසරකට ලබා දුන් රුපියල් 175000ක නිදහස් තැපැල් පහසුකම රුපියල් 350000ක් දක්වා ඉහළ නංවා ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නිදහස් තැපැල් පහසුකම ඉහළ නංවා ඇත්තේ, රුපියල් 175000කිනුයි.
පළාත් සභා මන්ත්‍රීවරයෙකුට මෙතෙක් වසරකට ලබාදුන් නිදහස් තැපැල් පහසුකම රුපියල් 24000කි.
ඒ අනුව නව ගැසට් නිවේදනය මගින් එය රුපියල් 48000ක් දක්වා දෙගුණයකින් ඉහළ නංවා තිබෙනවා.