යුරෝපීය රටවල බහුලව භාවිතා කරන විෂ මත්ද්‍රව්‍ය විශේෂයක් වන එක්ස්ටැසී (Ecstasy) නැමැති මත්ද්‍රව්‍ය තොගයක් අඩංගු පාර්සලයක් ජර්මනියේ සිට මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගුවන් තැපැල් මගින් එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පාර්සලය ඉකුත් 2018.10.23 දින කොළඹ, දෙහිවල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකුගේ නමට එවා තිබූ අතර රේගු නිලධාරීන් මේ පිළිබඳව විමසිලිමත් වෙත් දී මෙය භාර ගැනීමට මෙම පුද්ගලයා නොපැමිණ රේගුව මගහරිමින් කට්ටි පනින්නට වී තිබෙනවා.
පසුව රේගු නිලධාරීන් මොහු අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඉකුත් 13 වනදා මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සමත් ව තිබෙනවා.
පාර්සලය විවෘත කර පරීක්ෂණ කර බැලූ රේගු නිලධාරීන් ඒ තුළ තිබූ එක්ස්ටැසී නැමැති මෙම මත්ද්‍රව්‍ය තොගය හදුනා ගත් අතර එහි රුපියල් 20,92,000 ( විසි ලක්ෂ අනූ දෙදහසක් ) ක් වටිනා මෙම මත්ද්‍රව්‍ය අඩංගු පෙට්ටි 523 ක් තිබූ බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.


ටී.කේ.ජී.කපිල