කොකේන් භාවිත කරන ඇමතිවරුන් වත්මන් ආණ්ඩුවේ ද සිටිනා බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පසුගිය දිනෙක ප්‍රකාශයක් කර සිටියා.
ඒ සම්බන්ධයෙන් නීතිඥ උදය ගම්මන්පිළගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර තිබෙනවා.
ප්රශ්නය – කොකේන් භාවිත කරන ඇමැතිවරුන් වගේම මධුෂ්ට සම්බන්ධ ඇමැතිවරුත් සිටින බවට රන්ජන් ඇමතිතුමා පවසනවා. ඒ ප්‍රකාශය ඔබට පිළිගන්න පුළුවන්ද?
පිළිතුර – පාර්ලිමේන්තුව තුළ නම් කවුරුවත් කොකේන් භාවිත කරනවා අපි දැකලා නෑ. මේ ඇමැතිවරු කොකේන් භාවිත කරන තැන්වල රන්ජන් ඇමැතිතුමාත් සිටින්න ඇති. නැතිනම් ඉතාම විශ්වාසයෙන් එතුමා මේක කියන්නේ කොහොමද? අපරාධයක් පිළිබඳ තොරතුරු සැඟවීම දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ නිසා ඇමැතිවරු කොකේන් භාවිත කරන බව තමන් දන්නවා නම් වහාම ඒ තොරතුරු පොලිසියට ලබා දෙන්න කියලා අපි රන්ජන් ඇමැතිතුමාට කියනවා. මධුෂ් සමග සම්බන්ධතා පැවැත්වූ ඇමැතිවරුන් පිළිබඳ දන්නවා නම් මාධ්‍ය හමු පවත්වමින් වහසි බස් දොඩමින් ඉන්නේ නැතුව ඒ තොරතුරුත් වහාම පොලිසියට ලබා දිය යුතුයි.