ස්පාඤ්ඤය අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චෙස් හදිසි මැතිවරණයක් කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, 2019 වසර සඳහා වන අයවැය පරාජයට පත්වීමත් සමගයි.
ලබන අප්‍රේල් මස 28 වනදා ස්පාඤ්ඤය ජාතික මැතිවරණය පැවැත්වෙනු ඇති.
හිටපු අගමැති මරියානෝ රාජෝයි විශ්වාසභංගයකින් පරාජයට පත් කළ පේඩ්‍රෝ සැන්චේස්, ස්පාඤ්ඤයේ අග්‍රාමාත්‍යධුරයට පත් වූයේ ගිය වසරේ ජුනි මාසයේදීයි.