දොම්පේ, මල්වාන ප්‍රදේශයේ සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂට එරෙහි නඩුව ඊයේ (15) විභාගයට ගනු ලැබුවා.
එහිදී රජයේ සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේගේ සාක්ෂි මෙහෙයවීම මත වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි සාක්ෂි ලබාදුන්නා.
අදාළ නිවසේ සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකිරීම සඳහා මිලියන 100ත් 110ත් අතර මුදලක් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් තමාට ලබාදුන් බව සාක්ෂිකරු එහිදී පැවසුවා.
මුදිත ජයකොඩි කියා සිටියේ 2013 වසරේ පෙබරවාරි 11 වනදා බැසිල් රාජපක්ෂගේ බිරිඳගේ ප්‍රධානත්වයෙන් මෙම නිවසට මුල්ගල තැබූ බවයි.
එම නඩුව ජුනි මස 09 වනදා සහ 12 වනදා විභාගයට ගැනීමට නියමිතයි.