ඕනෑම මැතිවරණයකට මුහුණදීමේ අරමුණින් ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර තිබෙනවා.
ඊට අනුබද්ධව සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාල 24ක් ද කඩිනමින්ම ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වනවා.
එම ප්‍රධාන කාර්යාලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයට යාබදව පිහිටි ස්ථානයේ පිහිටුවීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.