Home Hit නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

1147
0

නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පලාත තුල පවත්වනු ලබන රාජ්‍ය උත්සව වලදි ආණ්ඩුකාරවරයා පිළිගැනිම සදහා මල්මාලා පැලදවිම, උපහාර සළු පැලදවිම හා සමරු තිලිණ ලබාදිම නවතාලමින් ආණ්ඩුකාර කාර්යාලය විශේෂ නිවේදයක් පලාත් රාජ්‍ය ආයතන වෙත නිකුත් කර තිබෙනවා.

නැගෙනහිර පලාත් ප්‍රධාන ලේකම්, අමාත්‍යාංශ සියලු ලේකම්වරු ,නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ආණ්ඩුකාර ලේකම් අසංක අබේවර්ධනගේ අත්සනින් යවා ඇති ලිපියේයි මේ බව දන්වා ඇත්තේ.

අදාල නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වෙන්නේ ආණ්ඩුකාර ආචාර්ය එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා ලබාදුන් උපදෙස් අදාල පිළිගැනිමේ උත්සවවලදි මල්මාලා පැලදවිම, උපහාර සළු පැලදවිම හෝ සමරු තිලිණ ලබාදිම නොකරණ ලෙසයි.

මේ සම්බන්ධයෙන් කල විමසුමකට පිළිතුරු දුන් ආණ්ඩුකාර ලේකම් අසංක අබේවර්ධන පැවසුවේ ආණ්ඩුකාරවරයා ලබාදුන් උපදෙස් මත අදාල නිවේදනය සියලු පලාත් රාජ්‍ය ආයතන වෙත දැනුම් දුන් බවයි.

අදාල උපදෙස් අනුව කටයුතු කරන්නැයි විශේෂ නිවේදනයේ දන්වා ඇති බවද ආණ්ඩුකාර ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.

ඡායාරූප
කල්මුණේ අධ්‍යාපන කලාපයට අයත් නින්දවුර් ප්‍රදේශයේ ශ්‍රිලංකා ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරින් පිරිසක් සමග පාසල් ගොඩනැගිල්ලක් විවෘත කිරිමට පැමිණ මල්මාලා ප්‍රතික්ෂේපකර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා උත්සව භුමියට යද්දි

අමදෝරු අමරජීව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here