Home Entertainment කාර්යබහුල ඔබට නිවසේදීම කළහැකි රූ රහස් සත්කාර කිහිපයක්

කාර්යබහුල ඔබට නිවසේදීම කළහැකි රූ රහස් සත්කාර කිහිපයක්

2064

අපි කවුරුත් ආසයි තමන්ගේ රුව හැඩට තියාගන්න. නමුත් දැන් තියන කෘත්‍රිම ආලේපන වලින් මේ කාර්ය හරියටම වෙනවද කියන එක ප්‍රශ්නයක්. තමුන්ගේ හැමට හානියක් නොවන ආකාරයට ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන පැහැපත් වෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන තමයි මේ ලිපියෙන් පෙන්වා දෙන්නේ. පහසුවෙන්ම සොයාගන්න පුළුවන් ස්වභාවික අමුද්‍රව්‍යත්ඉ, කෙටි කාලවෙලාවක් මඟින් ඒවා යොදාගෙන හදාගන්න පුළුවන් ෆේශල් මාස්ක් 10ක් ගැන තමයි මේ සටහන. ඔබටත් පුළුවන් නිදහසේ ඉන්න වෙලාවක මේ වගේ පුංචි උපක්‍රම ටිකක් අතහදා බලලා ඔබට තියන රූපලාවන්‍ය ගැටළු මඟහරවා ගන්න.

  • මුහුණේ ඇති සිදුරු වලින් මිදෙන්න

අවශ්‍ය ද්‍රවය ;

යෝගට් මේස හැන්දි 2ක්
කොස්මැටික් ක්ලේ මේස හැන්දක්
මී පැණි මේස හැදි 1/2ක් ( ආසත්මිකතා නැත්තම්)

භාවිතා කරන ආකාරය

කොස්මටික් ක්ලේ වලට යෝගට් හා මී පැණි එකතු කර, මුහුනේ ආලේප කර විනාඩි 15ක් 20ක් තබන්න. අනතුරුව සිසිල් ජලයෙන් සෝදා හරින්න. මෙහි තිබෙන යෝගට් සිදුරු වලට වගේම අවපැහැවීම් නැති කරන්න ඉතාමත් සුදුසුයි.

  • ඔබට ඇත්තේ වියලි සමක් නම්

අවශ්‍ය ද්‍රවය ;

ඉදුණු අලිගැටපෙර 1/2ක්
කිරි තේ හැන්දක්
මී පැණි තේ හැන්දක්

භාවිතා කරන ආකාරය

සියල්ල මිශ්‍ර කර මුහුනේ ආලේප කර විනාඩි 10 – 15කට පසු උණුසුම් වතුරෙන් සෝදා හරින්න. අලිගැටපේර වල තියෙන්නේ සෞඛයට හිතකර මේද. ඒ වගේම අලිගැටපේර තෙතමනය ආරක්ශා කරනවා වගේම ශරීරයට අහිතකර UV කිරණ වලින් ඔබේ සම ආරක්ෂා කරනවා.

  • ඇස් යට කලු පැහැ වීම් හා එල්ලා වැටීම් නැවැත්වීමට

අවශ්‍ය ද්‍රවය ;

කොපි මණ්ඩි මේස හැන්දක්
ගම්මිරිස් ටිකක්
පොල්තෙල් මේස හැදි 1/4ක්

භාවිත කරන ආකාරය

සියල්ල එකට මිශ්‍ර කර ඇස් වටා ආලේප කරන්න. අනතුරුව මද උණුසුම් ජලයෙන් විනාඩි 10කට 15කට පසු සෝදා හරින්න. මේ මිශ්‍රණයේ තියෙන කැෆේන් නිසා තමයි අදුරු පැහැය නැති වෙන්නේ.

  • එල්ලා වැටෙන සමට

අවශ්‍ය ද්‍රවය ;

ඉදුණු තක්කාලි ගෙඩියක්

භාවිතා කරන ආකාරය

තක්කාලි ගෙඩිය කැබලි කර මුහුණේ ආලේප කරන්න. ඊට විනාඩි 10කට පස්සේ මද උනුසුම් ජලයෙන් සෝදා හරින්න. මේ තක්කාලි වල තියෙන lycopene නිසා සමේ එල්ලා වැටුණු ස්භාවය නැති කරලා නැවුම් ස්භාවයක් වගේම පැහැයකුත් ලැබෙනවා.

  • මුහුණේ ඇති වෙහෙසකර බව දුරුකිරීමට

අවශ්‍ය ද්‍රවය ;

ලොකු පිපිඤ්ඤා ගෙඩියක්

භාවිතා කරන ආකාරය

පිපිඤ්ඤා ගෙඩියේ පොතු ඉවත් කර, කැබැලි කරගන්න. විනාඩි 15ක් පමණ මුහුනේ තබා ඉන්පසු හොදින් සෝදා හරින්න. පිපිඤ්ඤා වට තියෙන විටමින් K, B5, A, හා C නිසා සමට ඉතා හොද පෙනුමක් ලැබෙනවා.

  • සම යථා තත්වයට පත් කරන්න.

අවශ්‍ය ද්‍රවය ;

කැරට්
වතුර

භාවිතා කරන ආකාරය

කැරට් හොදට අඹරගන්න. ඒ සඳහා බ්ලෙන්ඩර් එකට ඇති ප්‍රමාණයට ජලයත් දාන්න .මේ මිශ්‍රණය මුහුනේ ආලේප කරලා විනාඩි 15කින් 20කි සෝදන්න. කැරට් වල තියෙන බීටා කැරොටීන් සමේ තියෙන කුඩා තුවාල සුව කරනවා.

  • සමේ තෙතමනය සුරුකීමට හා මැරුණු සම ඉවත් කිරීමට

අවශ්‍ය ද්‍රවය ;

ඕට්ස් කෝප්ප භාගයක්
වතුර වීදුරු 1/3ක්
විටමින් E බින්දු 5ක්
භාවිතා කරන ආකාරය

ඕට්ස් හා වතුර උණු කරගන්න. එය නිමෙන්නට හැර ඊට විටමින් E එකතු කරන්න. මෙය මුහුණේ ආලේප කරලා විනාඩි 20කින් 15කින් සෝදා හරින්න. ඕට්ස් වල තියෙන සැහැල්ලු ව්‍යුහය නිසා මේ මිශ්‍රණය සංවේදි සමටත් සුදුසූයි.

  • සමේ තෙල් ගතිය ඉවත් කිරීමට

අවශ්‍ය ද්‍රවය ;

අල ගෙඩියකින් භාගයක්
ලෙමන් යුශ තේ හැදි 1/2ක්

භාවිතා කරන ආකාරය

පළමු ක්‍රමය : අල ගෙඩිය පොතු හැර ,පෙති කපා මුහුනේ අතුල්ලා විනාඩි 10කින් සෝදා හරින්න.

දෙවන ක්‍රමය : අලඩිය හොදින් අඹරා ඊට ලෙමන් යුශ එකතු කර මුහුනේ ආලේප කර පසුව සිසිල් වතුරෙන් සෝදන්න. එය මුහුණේ ඇති තෙල් ගතිය ඉවත් කිරීමට හොඳ සත්කාරයක්.

  • මුහුණේ නැවුම් ස්වභාවයක් ඇතිකිරීමට

අවශ්‍ය ද්‍රවය ;

කොමාරිකා යුශ
පින්ක් ක්ලේ මේස හැදි 4ක්

භාවිතා කරන ආකාරය

මේ ද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කර මුහුනේ ආලේප කර විනාඩි 15ක් 20ක් තියන්න. නමුත් වේලෙන්න දෙන්න එපා. එහෙම් දැනෙනවානම් මද උණුසුම් ජලය ඉහින්න. ඊට පස්සේ උණුසුම් ජලයෙන් සෝදන්න. මෙම සත්කාරයත් සංවේදි සමට සුදුසු ආලේපයක් වනවා.

  • බ්ලැක් හෙඩ්ස් ඉවත් කිරීමට

අවශ්‍ය ද්‍රවය ;

ලෙමන් මේස හැන්දක්
මී පැණි මේස හැන්දක්
භාවිතා කරන ආකාරය

මෙම ද්‍රව්‍ය සියල්ල මිශ්‍ කරගන්න. ආලේපයට කලින් මුහුණ උණුසුම් ජලයෙන් සෝදන්න. ආලේපයෙන් විනාඩි 20කට පසු නැවතත් උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කරන්න. මී පැණි ඉතා හොඳ තෙතමනකාරකයක් ලෙස ද සැලකෙනවා.

මෙම ඕනෑම ආලේපයක් භාවිත කිරීමට පෙර ශරීරයේ නොපෙනන කොටසක ආලේප කර, ආසත්මිකතා නැති බවට තහවුරු කරගන්නත් අමතක කරන්න එපා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here