වැලිකඩ බන්ධනාගාරයේ ඇති එල්ලුම් ගසේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට මිනිසකුගේ බරට සමාන බරින් යුත් පඹයකු යොදා පෙරහුරුවක් පැවැත්වීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරියෙක් පවසනවා.
දීර්ඝ කාලයක් තිස්සේ එල්ලුම් ගස ක්‍රියාත්මක නොකිරීම නිසා අක්‍රීය තත්ත්වයේ පැවති අතර එහි අලුත්වැඩියා කටයුතු මේ වනවිට නිම කර ඇති බැවින් ඊට පඹයකු යොදා පෙරහුරුවක් කිරීමට දිනයක් වෙන් කර ගෙන සිටින බවයි ඔහු සඳහන් කර සිටියේ.
මේ අතර අළුගෝසු තනතුරට අයදුම්පත් විශාල ප්‍රමාණයක් ලැබී ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනකු ළඟදීම සේවයට ගන්නා බව ද බන්ධනාගාර ආරංචි මාර්ග කියා සිටියා.
හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ 18 දෙනා අතරින් 14 දෙනකුම මරණ දඬුවම ලබාදීම සඳහා තෝරාගෙන සිටින බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේ.
නෝමන් පලිහවඩන