මාකදුරේ මදුෂ් අත්අඩංගුවට ගැනීමත් සමග ඔවුන්ට නම් වැටුන විදිය සමාජජාලා තුල කතා බහක් ඇති විය.ඒ අනුව අපි තීරණය කරා ඔවුන්ගේ නම් සැදුනු ආකාරය සොයා බලන්න .
වෙලේ සුදා
සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා මෑත කාලයේ මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි .ඔහුට වෙලේ සුදා යන නම ලැබී ඇත්තේ කුඩා අවදියේ සිට පවුලේ හිතමිතුරන් තමන්ව සුදා ලෙස හැඳින්වූ බවත් සිය නිවස ආසන්නයේ වෙලක් තිබීම හේතුවෙන් තමන් පසුකාලයේ වෙලේ සුදා බවට පත්වූ බවත් ඔහු වරක් කියා සිටියේය.
සොත්ති උපාලි
උපාලි රංජිත් නොහොත් සොත්ති උපාලි 1990 දශකයේ නම ගිය පාතාල නායකයෙකි.. ඔහුට මේ නම ලැබීමට හේතු වී ඇත්තේ එක් අතක පැවති අබාධිත තත්ත්වය නිසා බව වාර්තා වේ. පොලිස් නිලධාරියෙකු ලෙස ද කටයුතු කර ඇති ඔහු 1998 වසරේදී ඝාතනයට ලක් විය.
වම්බොට්ටා
අජිත් වසන්ත හෙවත් වම්බොට්ටා දකුණේ පාතාලේ ප්‍රධාන චරිතයකි . වම්බොට්ටා යන නම ඔහුට පටබැඳි තිබුණේ, ඔහු මුල් කාලයේ සූරියවැව වෙළඳපොළේ වම්බටු ව්‍යාපාරිකයෙකු ලෙස ප්‍රසිද්ධ වීම නිසා බව පැවසේ.2006 වසරේ ඔහු ඝාතනය වූ අතර 2000 වසරේ සිට 2006 වසර දක්වා සිදු වූ අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා ලැබූවෙකි.
පොට්ට නවුෆර්
මොහමඩ් නියාස් නවුෆර් නොහොත් “පොට්ට නවුෆර්” මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින පාතාලයේ නායකයෙකි . පාතාල ගැටුමකදී එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ඔහුගේ දකුණු ඇස අන්ධ වීම නිසා ඔහුට මේ නම පටබැදි ඇත.
මුලාශ්‍ර BBC සිංහල