ඒළැඹෙන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගර ගත කිරීමට අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්, ගායන ශිල්පි අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු 31 දෙනනාට ඩුබායි අධිකරණය නියෝග කර තිබේ.
මොවුන් ඊයේ (14දා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අමල් හා නදීමාල් වෙනුවෙන් ඉදිරිපත්වීම සඳහා ඩුබායි බලා පිටත්ව ගිය ඔවුන්ගේ පවුලේ නීතිඥයා වන සහබ්දික වෙල්ලපීලි ඊයේ දිනයේදී ඩුබායි පොලීසියේදී අමල් හා නදීමාල් හමුව තිබෙන අතර ඔවුන් වෙනුවෙන් ඇප අයදුමක් ඉදිරිපත් කිරීමටත් සැලසුමක් තිබේ..