ලංකා විදුලි බල මණ්ඩලය මගින් කැළණි ගග හරස් කර ඉදි කරමින් පවතින ගින්ගත්හේන පොල්පිටිය බ්‍රොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යපෘතිය මගින් අද (15) විවෘත කෙරුණු පරිපාලන ගොඩනැගිල්ල එම විදුලි බලාගාර ව්‍යපෘතිය නිසා අවතැන් වු ජනතාව විසින් බලහත්කාරෙන් අත්පත් කර ගනුලැබුවා.
ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොල්ට් 150ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරිමේ අරමුණින් මිට වසර 04කට ප්‍රථම ආරම්භ කල බ්‍රොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යපෘතියේ පළමු අදිරය යටතේ ව්‍යපෘතිය නිසා හදුනාගත් අවතැන් වු පවුල් 27කට වන්දි මුදල් ගෙවා ඉන් ඉවත් කරනු ලැබුවා.
එම ව්‍යපෘතියේ වැඩ කටයුතු ආරම්භ කරමින් ව්‍යපෘතියේ පොල්පිටියේ සිට කිතුල්ගල කළුබෝතැන්න දක්වා ඉදි කල උමං මාර්ගය හේතුවෙන් එම උමගට ඉහලින් වු පොල්පිටියේ තවත් පවුල් 40ක් වන්දි මුදල් ගෙවා ඉවත් කිරිමට එම ව්‍යපෘති භාර ඉන්ජිනේරුවන් කටයුතු කර තිබුණා.
ඉවත් කල පවුල් 40ක් පදිංචි වි සිටි නිවාස සහ ඔවූන්ගේ ඉඩකඩම් තක්සේරු කර එම පවුල් වලට කඩිනමින් තක්සේරු කල වන්දි මුදල් ගෙවන බවට ව්‍යපෘති භාර අධ්‍යක්ෂකවරයා විසින් පොරොන්දු වි එම පවුල් වලට කුලි පදනම මත නිවාස ලබා ගැනිම සදහා මසකට රු 30000ක කුලි මුදලක් ව්‍යපෘතිය මගින් ගෙවනු ලැබුවා.
එම ව්‍යපෘතියේ පරිපාලන ගොඩනැගිල්ල අත්පත් කර ගත් අවතැන් වු ජනතාව කියා සිටින්නේ මෙම ව්‍යපෘතියේ වැඩ කටයුතු අවසන් අදිරයේ පවතින බවත්, තමන්ට ලබාදිමට නියමිත වන්දි මුදල් ලබාදෙන බවට ව්‍යපෘති භාර අධ්‍යක්ෂකවරයා විසින් ලිඛිතව ලබාදුන් පොරොන්දුවද මේ වන විට කඩකර කුලි මුදල පමණක් ගෙවන බවයි.
තමන්ට හිමි වන්දි මුදල ලැබෙන තෙක් අද දින බලහත්කාරෙන් අත්පත් කරගත් ව්‍යපෘතියේ පරිපාලන ගොඩනැගිල්ලෙන් ඉවතට නොයෙන බව අවතැන් වුවන් කියා සිටිනවා.
බ්‍රොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරය චින රජයේ ආධාර යටතේ චින සමාගමක් විසින් සිදු කරනු ලබනවා.






රංජිත් රාජපක්ෂ