ජනප්රිය ගායන ශිල්පී දමිත් අසංක පසුගිය දිනවල දකුණු කොරියාවේ සංගීත ප්රසංගයක් සදහා සහභාගී වී සිටියා.
එම සංගීත ප්රසංගය ආග්රා සංගීත කණ්ඩායමේ සංගීතයෙන් යුතුව පැවති අතර කොරියාවේ සේවය කරන ශ්රී ලංකික තරුණ තරුණියක් රැසක් සංගීත ප්රසංගය නැරඹීමට පැමිණ සිටියා.
මේ අතර දමිත් අසංක ගීත ගායනා කිරීමට වේදිකාවට පැමිණි පසු තරුණයෙක් වේදිකාවට පැමිණ ඔහුට වැඳවැටෙන අයුරු ඡායාරූප ශිල්පියෙකුගෙ කැමරාවට හසුවී තිබෙනවා.
පසුගිය දිනවල අසනීපයෙන් සිටි දමිත් අසංක කලාකරුවාද අසනීප තත්ත්වය මැද ගීත ගායනා කිරීම මෙම සංගීත ප්රසංගයේ විශේෂත්වයක් වුණා.



