කොළඹ සිට කටුනායකට ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඒවා සන්තකයෙහි තබාගෙන සිටි ජාවාරම්කරුවෙකු සහ ඔහු ගමන් ගනිමින් සිටි නවීනතම සුඛෝපභෝගී මෝටර් රථය ද ඊයේ (13) දින සවස කටුනායක පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ජාවාරම්කරු 30 හැවිරිදි වියේ පසුවන මීගමුව, දාගොන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.
කටුනායක පොලීසියේ දූෂණ මර්දන අංශයට ලැබී තිබූ තොරතුරු මත ඊයේ සවස 4.30ට පමණ කටුනායක 18 කණුව ප්‍රදේශයේ මෙම නිලධාරීන් පිරිස රැක සිට මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
එසේ අත්අඩංගුවට ගත් ජාවාරම්කරුගේ කළිසම් සාක්කුවේ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා මෙම හෙරොයින් ග්රැම් 100 ක පමණ ප්‍රමාණය සගවා ගෙන සිටි තිබෙනවා.
මෙම හෙරොයින් දැනට ඩුබායිහි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මධූෂ්ගේ සමීපතමයෙකු ගෙන් මොවුන් මිලදී ගෙන ඇති බව පොලීසිය සිදුකරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
මේ සමග මෙම සුඛෝපභෝගී මෝටර් රථය පැදවූ රියැදුරුවරයා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ටී.කේ.ජී.කපිල