ජර්මානු තානාපති ජෝර්න් රොහෙඩ් (Joern Rohde) විසින් කෙරවලපිටිය LNG විදුලි බලාගාර ව්‍යාපෘතිය ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චීන සමාගමකට ලබාදීම පිළිබඳව කණගාටුව පළ කර සිටිනවා.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට එහි ටෙන්ඩරය චීන සමාගමකට ලබාදීමට ඊයේ (13) කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අවම ලංසුකරු ලෙස සැලකෙන ලක්දනවි සමාගම නොසළකාහරිමිනුයි මෙම ටෙන්ඩරය චීන සමාගමට ලබා දී ඇත්තේ.
ලක්දනවි දේශීය සමාගමට තාක්ෂණික සැපයුම්කරු වන්නේ ජර්මානු සමාගමක් වන Siemens AG සමාගමයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජර්මානු තානාපතිවරයා කියා සිටියේ සෑම රාජ්‍යකම සාධාරණ හා විනිවිද පෙනෙන ටෙන්ඩර් කැඳවීමට කටයුතු කළ යුතු බවයි.
තානාපතිවරයා අදහස් දක්වමින් කියා සිටියේ අඩුම ලංසුකරුට එය ලබා නොදුන් කාරණය සම්බන්ධයෙන් ඔහු සැළකිලිමත් වන බවයි.
එමඟින් ලංකාවේ සාමාන්‍ය ජනයා වෙත බදුබර පැටවෙන බවත් ඔහු සඳහන් කර සිටියා.
මෙම ටෙන්ඩරය මතභේදයට තුඩුදී ඇති බවත්, ලංකාව කිසිඳු ආයෝජනක් සඳහා සුදුසු නැති බවත් තානාපතිවරයා කරුණු දක්වමින් පෙන්වා දෙනවා.