ලංකාවේ භාවිතා කරන රුපියල් 5000 නෝට්ටු තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (13) දින දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ රාජකාරියේ නියැලී සිටි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු 37 හැවිරිදි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකු වන අතර ලංකාවේ භාවිතා කරන මුදල් නෝට්ටු තොගයක් මෙරටට රැගෙනවිත් තිබීම විශේෂත්වයක් බවයි රේගුව සදහන් කරන්නේ.
ඔහු අද දහවල් 12.45ට ඉන්දියාවේ මදුරෙයි සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ SG – 003 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මල්ලේ මෙම රුපියල් ලක්ෂ 07 ක් වටිනා ශ්‍රී ලංකාවේ භාවිතා කරන රුපියල් 5000 නෝට්ටු 140ක් සගවා ගෙන සිටියදීයි රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ටී.කේ.ජී.කපිල