දෙසැම්බර් 9 වනදා පොහොට්ටුවේ ජනාධිපතිවරයා දිවුරුම් දෙයි
දෙසැම්බර් 9 වනදා පොහොට්ටුවේ ජනාධිපතිවරයා දිවුරුම් දි සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.
ඔහු මේ බව සදහන් කරේ ඊයේ (13) මාතරදි මාධ්ට ය හමුවේ අදහස් දක්වමින් ය.
මේ ගැන තව දුරටත් අදහස් දැක්වූ ඔහු ,”පොහොට්ටුවේ ජනාධිපතිවරයා දෙසැම්බර් 9 දිවුරුම් දුන්නට පස්සේ මේ රටේ ගම් තිස්දහසක් වැළඳ ගත්ත සංවර්ධන වැඩපිළිවෙල සකස් කරනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.
ඒ වගේම “පවුල් පනස් ලක්ෂයක් ඇති හැටි අය බවට පත් කරලා සමෘර්ධිමත් ජනතාවක් බවට පත් කරන්න පොදුජන පෙරමුණ සකස් කරමින් යන බවටත් අලූත් ජනාධිපතිවරයා යටතේ මේ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ’’ යැයි ඔහු පැවසිය.