ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ තවත් කඩයිමක් පසුකර යෑමට සමත්විය.
ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 4000 සීමාව පසුකළ 11 වැනි ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසිනි.
දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී දිමුත් මෙම කඩයිම පසුකර ගියේය.
දිමුත් අද ලකුණු 30ක් රැස්කකරගත් අතර ඒ අනුව ඔහුගේ ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 4018ක් බවට පත්විය.