මිහින්තලය රජමහා විහාර පුද බිමේ මැද මළුවේ කන්තක චෛත්‍ය අසල පිහිටි පරිවාර චෛත්‍යයක නැග සිටි 18 හා 20 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු අද (14) අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට පත් තරුණයන් මුතුර් ප්‍රදේශයේ පදිංචි කරුවන් වේ .
මොවුන් තිහාරියේ ආරාබි භාෂාව උගන්වන ආයතනයක ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකි.
මොවුන් දෙදෙනා මිහින්තලය පුදබිමේ මෙම චෛත්‍ය මත හිට ගෙන සිටිනු දුටු පුරා විද්‍යා නිලධාරින් විසින් අල්වා ගෙන මිහින්තලය පොලිසියට බාරදිමෙන් අනතුරුව මොවුන් දෙදෙනා අද (14) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.