කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 48ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 45ක් දක්වා වැඩිකර ගැනීමේ යෝජනාව මෙම 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.
අදාළ යෝජනාව මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඇමැති මණ්ඩලයේ මුළු ඇමැතිවරුන් සංඛ්‍යාව 30 නොඉක්ම විය යුතුයි.
කැබිනට් නොවන සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සංඛ්‍යාවේ එකතුව 40 නොඉක්ම විය යුතු වන අතර පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම විසින් ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේදී ඇමැති මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් සංඛ්‍යාව පාර්ලිමේන්තුව තීරණය කළ යුතු බව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දක්වා තිබෙනවා.
ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් සමග එක්ව පිහිටුවනු ලබන ආණ්ඩුවක් බව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ඇති පක්ෂය වශයෙන් එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බව පවසමින් සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් කැබිනට් ඇමැතිවරුන් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් සංඛ්‍යාව වැඩි කිරීමේ යෝජනාව මෙම මස 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අජිත් අලහකෝන්